සයුරෙන් එතෙර
අමෙරිකාවට පිළිතුරු දීමට චීනය දැඩි උත්සාහයක
April 11, 2025 12:49 pm
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් පනවන ලද එක්සත් ජනපදයේ තීරුබදුවලට එරෙහිව සන්ධානයක් පිහිටුවීමට චීනය ඉදිරිපත් කර ඇති යෝජනාවක් ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව ඔස්ට්‍රේලියානු භාණ්ඩ මත සියයට 10ක ආනයන බද්දක් සහ චීන නිෂ්පාදන සඳහා 145%ක සැලකිය යුතු තීරුබදු පනවා තිබේ.
අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය මේ ඔස්සේ තවදුරටත් උත්සන්න වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ චීන තානාපති යෝජනා කර ඇත්තේ අමෙරිකාවේ ආධිපත්‍යවාදී සහ හිරිහැර කිරීමේ හැසිරීම්වලට එරෙහි වීමට ඇති එකම මාර්ගය ඒකාබද්ධ ප්‍රතිරෝධය බවය.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තම රට ජාතික අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දෙන බවය.