සයුරෙන් එතෙර
ආධාර නොමැතිව පාකිස්තානයේ සෞඛ්‍ය පද්ධතිය අනතුරේ
April 11, 2025 09:49 am
අමෙරිකාව ලබාදෙන ආධාර කප්පාදු කිරීමෙන් පාකිස්තානයේ සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමීක්ෂණ වාර්තා අනුව පාකිස්තානය ලෝකයේ දරු ප්‍රසූතිය සඳහා භයානකම ස්ථාන අතර පසුවන බවද වාර්තා වෙයි.
එම වාර්තාවට අනුව 2023 වසරේ පමණක් පාකිස්තානයෙන් මාතෘ මරණ 11,000ක් වාර්තා වී ඇත.
ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ගර්භණී කාන්තාවන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයීමට රජය අසමත් වීමය.
නයිජීරියාව, කොංගෝ සහ පාකිස්තානය යන රටවල් අතර විශාල ග්‍රාමීය ජනගහනයක් සිටින බවත් එම රටවල දුර්වල පාලනය මෙම ගැටලු සඳහා මූලික වශයෙන් බලපා ඇති බවත් සඳහන් ය.
කෙසේවෙතත් පාකිස්තානය පවසන්නේ එක්සත් ජනපද සහ ජාත්‍යන්තර ආධාර සහ ප්‍රදාන කප්පාදු කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය හේතුවෙන් රට පුරා සෞඛ්‍ය පහසුකම් 60ක් පමණ වසා දැමීමට ආසන්න බවය.