ඉන්දීය අගමැති සහ ස්පාඤ්ඤ ජනපති අතර හමුවක්
සයුරෙන් එතෙර

ඉන්දීය අගමැති සහ ස්පාඤ්ඤ ජනපති අතර හමුවක්

October 29, 2024   05:43 pm

ස්පාඤ්ඤයේ ජනාධිපති දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය.

මෙම ද්විපාර්ශ්වික හමුවේදී යුක්‍රේන යුද්ධය සහ බටහිර ආසියාවේ වර්ධනය වෙමින් ඇති අර්බුදකාරීත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

ස්පාඤ්ඤ රජයේ ජනාධිපතිවරයෙකු ඉන්දීය සංචාරයක නිරතවන්නේ වසර වසර 18කට පසුවය.

ස්පාඤ්ඤ ජනාධිපතිවරයා සමග අමාත්‍යවරුන්, ඉහළ පෙළේ නිලධාරි සහ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද ඉන්දියාවට පැමිණ සිටී.