
බංග්ලාදේශය නව නායකයා ලෙස තෝරාගත් මුහම්මද් යූනුස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරය අමතන අවස්ථාවේදී නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත විරෝධතා පවත්වා තිබේ.
විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් මුහම්මද් යූනුස් ට දැඩි විරෝධය පළ කර ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, යුනුස්ට බංග්ලාදේශය වෙනුවෙන් කතා කිරීමට අයිතියක් නොමැති බව විරෝධතාකරුවන් පවසන බවය.



















































