
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (04) සිංගප්පූරුවේ සංචාරයක නිරත වෙයි.
එහිදී ඉන්දියාව සහ සිංගප්පූරුව අතර සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් රටවල් දෙකටම සමාන අදහස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.





















































