
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරය තුළදී රුසියානු ජනාධිපතිවරයා සමග යුක්‍රේනය සහ චීනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෝදි ලබන සතියේදී සිය රුසියානු සංචාරය ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
රුසියානු ජනාධිපති පුටින්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සංචාරය සිදු කරයි.


















































