
යුක්රේන - රුසියා යුද්ධයට මැදිවී සිටින ඉන්දියානුවන් පිළිබඳ ඉන්දියාව සහ රුසියාව අතර රාජ්ය තාන්ත්රික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විදෙස් මාධ්ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්ය එස්. ජෙයිශංකර් සහ රුසියානු විදේශ අමාත්යවරයා අතර එම සාකච්ඡා පවත්වා ඇති බවය.
යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියානු හමුදාව සමග එක්වී සිටින ඉන්දියානුවන් කඩිනමින් යළි ඉන්දියාවට යොමු කරන ලෙස මෙහිදී ඉන්දීය විදේශ අමාත්යවරයා ඉල්ලීමක් ද කර තිබේ.


















































