
ස්පාඤ්ඤයේ Carlos Alcaraz ඉතා තියුණු තරගයකින් අනතුරුව ජර්මනියේ Alexander Zverev පරාජය කරමින් ප්‍රංශ විවෘත පිරිමි ටෙනිස් ශූරතාව දිනාගත්තේය.
21 හැවිරිදි Carlos තරග වර 2ට 1ක් ලෙස ආරම්භයේදී පසුබෑවද පසුව දැඩි සටනකින් අනතුරුව තරග වට 3ට 2ක් ලෙස තරගය ජයගත්තේය.
අවසානයේ ලකුණු සටහන දැක්වුණේ 6-3, 2-6, 5-7, 6-1, 6-2 ලෙසට ය.
මෙම තරගය පැය 4යි විනාඩි 19ක් පුරා පැවැත්වුණි.



















































