
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
ඒ අනුව මැතිවරණයේ පළමු වටය එළඹෙන ජුනි 30 සහ දෙවන වටය ජූලි 7 වන දා පැවැත්වීමට නියමිතය.
ප්‍රංශය තුළ අන්ත දක්ෂිණාංශික ජෝර්ඩන් බාඩල්ලෙගේ කණ්ඩායම යුරෝපා පාර්ලිමේන්තු ඡන්දයේ දී ජයග්‍රහණය කිරීම හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන් වේ.



















































