
බන්ධනාගාරගත ව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු කිහිපයකට අදාළව ඇප නියම වී තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාට නඩු 12කට අදාළව ඇප නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් තවත් චෝදනා කිහිපයකට වරදකරුවීම හේතුවෙන් ඔහුට තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවෙයි.
ඉම්රාන් ඛාන්ට අමතරව පාකිස්තාන හිටපු විදේශ කටයුතු අමාත්‍ය ශා මහමුද් කුරේෂිට ද චෝදනා 13කට ඇප නියම කර ඇති නමුත් ඔහුට ද තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.





















































