
යුක්‍රේනයේ දකුණු කෙර්සන් ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස සියලු සිවිල් වැසියන්ට බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබේ.
කේර්සන් හි යුක්‍රේන ප්‍රාදේශීය ආරක්ෂක උපදේශකවරයා විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශය දිගින් දිගටම රුසියානු හමුදාවන්ගේ ෂෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙන් ඉන් සිවිල් වැසියන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේවෙතත් කෙර්සන් හි පාලනය රුසියාව විසින් මේ වනවිටත් අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.



















































