තරගයට වැස්සෙන් බාධා
September 10, 2023 05:41 pm
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඉන්දියා පාකිස්තාන තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තිබේ.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගය මීට ටික වේලාවකට පෙර නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය.
නායක රෝහිත් ශර්මා ලකුණු 56ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 58ක් ලබාගත්තේය.
විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.