
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණි.
දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 98 ක ජයක් හිමිකරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් ක්රීඩකයින් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 218 ක් ලබාගත්තේය.
සචින් තෙන්ඩුල්කාර් ලකුණු 63 ක් ද ෆර්වේස් මහරුෆ් කඩුළු 2 ක් ද ලබාගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම වෙනුවෙන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට පන්දුවාර 16 කුත් පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 120 ක් පමණි. පන්දුයැවීමේ දී සනත් ජයසූරිය, හර්බජාන් සිං සහ ඩ්වේන් බ්රාවෝ කඩුළු 2 බැගින් දවාගත්තේය. තරගයේ වීරයා සම්මානය සචින් තෙන්ඩුල්කාර් විසින් හිමිකරනු ලැබීය.
















































