header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කෝටි 200ක වන්දි ඉල්ලා සිරසේ රාජා මහේන්ද්‍රන්ට දෙරණේ දිලිත් ජයවීරගෙන් එන්තරවාසියක්
May 18, 201507:10 PM
කෝටි 200ක වන්දි ඉල්ලා සිරසේ රාජා මහේන්ද්‍රන්ට දෙරණේ දිලිත් ජයවීරගෙන් එන්තරවාසියක්
Mobitel 1278


සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ.

ඒ අනුව සිරස මාධ්‍ය ජාලය,එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මෙන්ම ආර්ථික තොරතුරු විශ්ලේෂකයෙකු යයි කියා ගන්නා ෆරාස් ෂව්කෙට්ලි යන අයට නීතිඥ සමන් සේනාධීර මහතා විසින් එන්තරවාසිය යවා ඇත.

එම එන්තරවාසිය මගින් නීතිඥවරයා,තම සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකු වන බවත්, එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු බවත් සිහිපත් කර දී තිබේ.

එසේම තම සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ දෙරණරූපවාහිනී නාලිකාව සහ දෙරණගුවන්විදුලි නාලිකාව ගැන සිහිපත් කර ඇති ඔහු වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව තම සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇති බව පෙන්වාදී ඇත.


එසේම තම සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනඟන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරු වන බවත්, වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දියත් කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ දී අපි වෙනුවෙන් අපිසංකල්පයේ නිර්මාතෘවරයා ද වන බවත් සිහිපත් කර තිබේ.

එසේම තම සේවාදායකයා වසර 23 ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ කටයුතු කර ඇත්තේ ඉතා උසස් ආචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප්‍රදායන්ට ගරුකරමින් ඔහුගේ හෘද සාක්ෂියට එකඟව බවත්,සම්ප්‍රදායික ව්‍යාපාර අරමුණින් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම්වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි කොටගත් දෘෂ්ටියක පිහිටමින් බවද මෙ‍මගින් පෙන්වාදී ඇත.

එවන් සේවාදායකයා ට අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද, පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද,
මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම තුළින් හා ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් තමාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් ඔහුගේ කීර්ති නාමයට හානි සිදුව ඇති බව දිලිත් ජයවීර මහතාගේ නීතිඥවරයා විසින් පෙන්වා දී ඇත.

එම එන්තරවාසිය සම්පූර්ණයෙන්ම මෙසේය.







ද්වේශ සහගත සහ අපහාසාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන්
වන්දි ඉල්ලා යවනු ලබන එන්නරවාසියයි
----------


මාගේ සේවාදායකයා වන කොළඹ 5, අල්විස් පෙදෙස, අංක 45/6 දරන ස්ථානයේ පදිංචි දිලිත්
සුසන්ත ජයවීර මහතාගේ උපදෙස් මත ලියා දන්වන වග නම්.
මාගේ සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකි. එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි.


මාගේ සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරුවේ. වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දියත් කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ
දී අපි වෙනුවෙන් අපිසංකල්පයේ නිර්මාතෘවරයා ද වේ.


දැන්වීම් ක්ෂේත‍්‍රයේ මෙසේ ලබාගත් සාර්ථකත්වය මත කලක් තිස්සේ මාගේ සේවාදායකයා වෙනත් අනුබද්ධ ක්ෂේත‍්‍රයන්හි ව්‍යාපාර කීපයක් ආරම්භ කරන ලදී. මුද්‍රණ ක්ෂේත‍්‍රය, පෙර මුද්‍රණ ක්ෂේත‍්‍රය, බාහිර දැන්වීම්කරණය, මහජන සම්බන්ධතා සන්නිවේදනය, ප‍්‍රකාශන, රූපවාහිනී
වෙළඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රය වැනි ක්ෂේත‍්‍ර ආවරණය වේ.
මාගේ සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ තවත් එවැනි ව්‍යාපාරයක් වන්නේ දෙරණරූපවාහිනී නාලිකාව සහ දෙරණගුවන්විදුලි නාලිකාවයි. වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව මාගේ සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇත.



දේශීයත්වය, දේශීය වටිනාකම් හා ජාතිකත්වය මුල්කොට ගත් දීර්ඝ කාලීන දෘෂ්ටියකින් එකී නාලිකාව කටයුතු කරන බව ඔහු පවසයි.එසේම මාගේ සේවාදායකයා පවසන්නේ ඔහු දැනට එම නාලිකාව අයත් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ බවත් කොටස්කරුවකු බවත් සමාගමේ ව්‍යාපාරික කටයුතු
සඳහා ක‍්‍රියාකාරී සහ ඍජු ලෙස මැදිහත්වන පුද්ගලයකු බවත්ය.


තවදුරටත් මාගේ සේවාදායකයා පවසා සිටින්නේ කෙසේ නමුදු ප‍්‍රතිපත්තිමය තීරණයක් මත ඔහු මෙම නාලිකාවන්හි අදාළ ප‍්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන්වල අන්තර්ගතයට කිසිදු දිනයක හෝ කිසිදු අවස්ථාවක මැදිහත් වී නොමැති බව ඔබ වෙත දැන්වීමට මා වෙත උපදෙස් ලැබී ඇත.පශ්චාත් යුධ ජයග‍්‍රහණයත් සමග ඇති වූ නව ආරක්ෂිත අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා මාගේ සේවාදායකයා, ඔවුන් විසින් ඉතිරිකරගෙන තිබූ අතිරික්ත මුදල් ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කළ බවත්, එම ආයෝජනයන්ගෙන් බොහොමයක් දීර්ඝ කාලීන ආයෝජනයන් බවත් ඒ අතරට සිට‍්‍රස් ලෙෂරඣ පීඑල්සී සමාගම, වස්කඩුව බීච් රෙසෝට්
පීඑල්සී සමාගම, හික්කඩුව බීච් රෙසෝට් පීඑල්සී සමාගම, කල්පිටිය බීච් රෙසෝට් සමාගම අයත් වන බවත්ය.


මෙම සමාගම් දැනට ක‍්‍රියාකාරී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර, මේ අතර තරු 5 හෝටලයක් ද, තරු 4 හෝටලයක් ද වන බවයි. මීට අමතරව කල්පිටිය සහ
පාසිකුඩාහි හෝටල් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි. මාගේ සේවාදායකයා ලබා දුන් උපදෙස් අනුව ඔහුගේ දායකත්වයෙන් ඇති කරන ලද සමාගම් හා ව්‍යාපාර තුළ ඍජු
වශයෙන් 2,000 කට අධික ප‍්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇති අතර, වක‍්‍රව තවත් 3,000 කට අධික ප‍්‍රමාණයකට තම ජීවිකාව කරගෙන යාම සඳහා අවස්ථාවන් නිරඣමාණය කර ඇති බවද ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත.


මාගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි ඔහුගේ අවුරුදු 23 ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ ඔහු කටයුතු කර ඇත්තේ ඉතා උසස් අචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප‍්‍රදායන්ට
ගරුකරමින් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව බවත් සාම්ප‍්‍රදායික ව්‍යාපාර අරමුණන් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි කොටගත්
දෘෂ්ටියක පිහිටමින් බව යන්න ඔබ වෙත දැනුම් දෙමි.




මාගේ සේවාදායකයා මාවෙත උපදෙස් දෙමින් කියා සිටින්නේ ව්‍යාපාරික තරඟාරිත්වයට ඔවුන් මුහුණ දුන්නේ ඉතාමත්ම සංයමයෙන් හා පිළිගත් ව්‍යාපාර ආචාර ධර්මවලට අනුකූලව බවත් වර්තමානයේ පවතින අර්ථ විරහිත පටු තරඟකාරිත්වය පිටුපස ඔවුන් හඹා නොගිය බවත්ය.
කරුණු එසේ තිබියදී ඔබගේ හිමිකාරිත්වය සහ පාලනය යටතේ පවතින සිරස මාධ්‍ය ජාලය ඔස්සේ පදනම් විරහිතව හා ද්වේශ සහගතව විටින් විට සහ අඛණ්ඩව කරනු ලබන ප‍්‍රචාරයන්
තුළින් මාගේ සේවාදායකයා හට බලවත් අපහාසයක් මෙන්ම අගතියක් සිදුවී ඇති බවට ඔබ වෙත දැනුම් දීමට මා හට උපදෙස් ලැබී ඇත.


වෙනත් කරුණු අතර, විශේෂ වශයෙන් වර්ෂ 2015. 05. 17 වෙනි ඉරිදා දින රාත‍්‍රී 7.00 ට සිරස නිවුස්
ෆස්ට් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ මිනිත්තු 6 කට ආසන්න කාලයක් තුළ විකාශනය වූ පුවතෙහි සඳහන්
කළ තොරතුරු අතර, මාගේ සේවාදායකයාගේ නම සඳහන් කරමින් ගරු අග‍්‍රාමාත්‍යවරයා විසින්
පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් ද්වේශ සහගත අරමුණෙන් සංස්කරණය කරමින් උදාහරණ ලෙස ගත් කල
දිලිත් ජයවීර ඔහුගේ කලම්බු ලෑන්ඞ් ඇන්ඞ් ඩිවලොප්මන්ට් සහ රීෆ් කොම්බර් සමාගම්වල කටයුතු කළ ආකාරය විමර්ශනය කළ යුතුයියන්න විකාශනය කළ බවත් අනතුරුව
එම වීඩියෝ පටයට අදාළ පසුබිම් කථනයේ දී අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයේ සති කිහිපයකට
පසුව ඔහු නම් හෙළි කළ ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කළායනුවෙන් සහ මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කර තිබෙනවා.ලෙස පළවූවා යැයි සඳහන් කරමින් පහත සඳහන් අන්තර්ගතයන් අඩංගු පුවත් කිහිපයක්ද උපුටා
දක්වන ලදී. ඒවා නම්,



සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දිලිත් ජයවීර මහතාගෙන් විමසා තිබුණේ ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් ප‍්‍රමාණයක් ඉන්දීය
සමාගමකට අලෙවි කිරීමේදී සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවක් පිළිබඳවයි.


ලංකා හොස්පිට්ල් ආයතනය රුපියල් 28 ක් ව පැවති කොටසක් රුපියල් 64 ක් දක්වා විශ්මයජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්ඣීය සමාගමකට විකි”ම පිළිබඳව ජයවීර
මහතාගෙන් ප‍්‍රශ්න කර ඇතැයි සන්ඬේ ටයිම්ස් වාර්තාවේ සඳහන්


මේ අතර බිස්නස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ එක්වරක් බලවත් කොටස් වෙළෙඳපොල ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වනවිට ප‍්‍රශ්න කර
ඇති බවයි.

මීට මාස කිහිපයකට පෙර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳ සිතීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව අද එම පුවත්පත වාර්තා කර තිබුණා.

මීට අමතරව ඩබ්ලිව් ෆරාස් ෂවුකට් අලී නමැත්තකුගේ දුරකථන හඬපටයක් විකාශනය කරමින් පහත සඳහන් කරුණු විකාශය කරනු ලැබ ඇති බවට ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත.


අවසානයේ මෙය හරි මගට පිවිසීමක් ලෙස මම දකිනවා. කොළඹ කොටස් වෙළෙඳපොල ආයෝජනය කිරීමේදී සාමාන්‍යයෙන් කුඩා ආයෝජකයින්ට අහිමි වූ රුපියල් බිලියන ගණනකට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට දරන උත්සාහයක්.

ජයවීර මහතා ඇතුළු ඔහුට සම්බන්ධ සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොළඹ කොටස් වෙළෙඳපොලේ Pump and Dump වංචාවේ චෝදනා මැද ඉන්නවා.

ජයවීර මහතාට සම්බන්ධ සමාගම මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පූර්ණ පරීක්ෂාවට ලක්
කළ යුතුයි.


ඒ තුළින් පමණයි මහජනතාවට හා කුඩා ආයෝජකයින්ට එරෙහිව සිදුකර ඇති පාවාදීම්වල
සැබෑ තත්ත්වයන් හෙළිවන්නේ.


මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබෙනවා.

ඊට අදාළ සාක්ෂි ඕන තරම් තිබෙනවා.


ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවල හමුදා හා සන්නද්ධ චරිතවල සම්බන්ධතා හෙළි කරන
ලිපි ලේඛන තියෙනවා.


ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම සඳහා අහිංසක මිනිසුන්ට තර්ජන ගර්ජන කිරීම සඳහා මේ පුද්ගලයින් භාවිත කර තිබෙනවා.

එක් අවස්ථාවකඣී මිලියන 60 කට ලබාගත් ඉඩමක වටිනාකම එකවර කිහිප ගුණයකින් වැඩි වුණා.


මෙය කර ඇත්තේ කොටස් මිල ඉහළ දැමීම හැර වෙනත් හේතුවකට නොවේ.


දැන් තත්ත්වය තමයි අපට පේන්නේ භුමිතෙල් ගෑවුණු ගැරඬි වගේ මේ විමරඣශනවල ඉලක්ක දඟලන්න පටන් අරන් තියෙනවා.


අපිට ප‍්‍රශ්නයක් තියෙනවා රාජපක්ෂ සමයේ ඔවුන් භුක්ති විඳි දේශපාලන වරප‍්‍රසාද අහිමිවීම හේතුවෙන් ද මෙහෙම දඟලන්නේ කියලා.


අවසානයේදී මා පෙන්වා දිය යුතුයි ජයවීර මහතාට සම්බන්ධ සමාගමේ ප‍්‍රධානියා සුරැකුම්පත් කොමිසමේ සභාපති ලෙස පත්වුණා.

මෙහි පැහැදිලිව ලැදියාවන් අතර ගැටුමක් තිබුණා.

ජයවීර මහතා සහ ඔහුගේ හිතවතුන් අනිවාර්යෙන්යෙන් ම පූර්ණ විමර්ශනයකට ලක් කළ යුතුයි.


ඉහත ප‍්‍රවෘත්ති විකාශයට අමතරව විටින් විට පලකරන ලද රූපවාහිනී ප‍්‍රවෘත්ති, ගුවන්විදුලි ප‍්‍රවෘත්ති, ජංගම දුරකථන ඔස්සේ යවනු ලබන කෙටි පණිවිඩ වෙබ් ජාලයේ පලකිරීම් ඇතුළු ප‍්‍රකාශන මගින් වෙනත් කරුණු අතර ඔබ ප‍්‍රකාශ කර සමාජගත කිරීමට උත්සාහ කොට ඇත්තේ හා/හෝ මාගේ සේවාදායකයා මහජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කරන බවත් ඔහු කොටස් වෙළෙඳපොලේ අයුතු ගනුදෙනුවලට මැත්‍ථහත්ව ඇති බවත් ඔහු නීති විරෝධී ගනුදෙනුවල යෙදෙන පුද්ගලයෙකු බව සහ ඔහු වංචාකාරී ව්‍යාපාරිකයෙකු බවත් ය.



එකී ප‍්‍රචාරයන්හි අන්තර්ගත කරුණු අතර,


1. අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද,

2. පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද,

3. මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා
ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ද,

4. ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් මාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් මාගේ සේවාදායකයාගෙන් මා හට උපදෙස් ලැබී ඇත්තේ සියලූ මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම උල්ලංඝණය කිරීමෙන් තම අභිමතාර්ථ සහ සැඟවුණු න්‍යායපත‍්‍ර මත මාධ්‍ය අපහරණය කරනු
ලබන ඔබගේ සමාගම විසින් එවැනි පළකිරීම් සිදුකිරීම් පුදුමයට කරුණක් නොවුව ද එයින් මාගේ සේවාදායකයාගේ ඉතා අසීරුවෙන් ගොඩනගා ගත් හොඳ නමට කැළලක් සිදුකිරීම සඳහා ඔබට බලපත‍්‍රයක් නොමැති බවයි.


මාගේ සේවාදායකයාගේ උපදෙස් මත මා ලියා දන්වන්නේ ඔබගේ එකී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරතුර පලකරන ලද කරුණු හා ඔබ විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති මතය පූර්ණ වශයෙන් හෝ ප‍්‍රධාන වශයෙන් අසත්‍ය බවත් සත්‍ය කරුණු විකෘති කිරීමක් බවත් ය. තවද එකී පලකිරීම් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ඍජුවම හා ව්‍යංගාර්ථයෙන් අපහාසාත්මක බවත්

අදාළ වැඩසටහන නැරඹූ පේ‍්‍රක්ෂකයන් එකී ප‍්‍රවෘත්තිය පලකිරීම මාගේ සේවාදායකයා කෙරෙහි අපහාසාත්මක ලෙස තේරුම් ගෙන ඇති බවත්ය.
ඉහත සඳහන් නීති විරෝධී සහ වැරදි සහගත ක‍්‍රියා කලාපය හේතුකොට ගෙන මාගේ සේවාදායකයාගේ සහ ඔහුගේ ආයතනවල කීර්ති නාමයට සහ හොඳ නමට සිදුවී ඇති හානිය,
අපහාසය හා මානසික පීඩනය මාගේ සේවාදායකයා විසින් සාධාරණව රුපියල් බිලියන දෙකකට (රු.2,000,000,000/-) අගය කර සිටින අතර, එකී මුදල මෙම ලිපියේ ත්‍ථන සිට දින විසි එකක (21) කාලයක් තුළ ගෙවා දමන ලෙසටත් අදාළ පදනම් විරහිත ඉදිරිපත් කිරීම් වහාම නවත්වන ලෙසටත්, එම පළවූ මාධ්‍ය තුළින්ම ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, ඔබ විසින් කරන ලද අභූත චෝදනා නිවරදි කොට සමාන ප‍්‍රසිද්ධියක් ලබා දෙන ලෙසටත් මෙයින් ඉල්ලා සිටිමි.


ඉහත ආකාරයට ඔබ විසින් එකී සම්පූර්ණ මුදල ගෙවීම පැහැර හැරියහොත් හෝ අතපසු කරනු ලැබුවහොත් ඉහත කී ආකාරයට කරන ලද ප‍්‍රකාශන පලකිරීම නොනැවැත්වුවහොත් ඔබට
විරුද්ධව සුදුසු අධිකරණයක නඩු පවරා එකී මුදල අයකර ගැනීමට කටයුතු කරන බව ඔබ වෙත මෙයින් දැනුම් දෙමි.
මෙයට

විශ්වාසී


සමන් සේනාධීර
නීතිඥ

පිටපත : දිලිත් සුසන්ත ජයවීර මහතා
අංක 45/6, අල්විස් පෙදෙස
කොළඹ 5.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana