
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ සිදුව ඇති විශාලම මාධ්‍ය කප්පම පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.
එය මෙරට ප්‍රමුඛ පෙළේ විද්‍යුත් මාධ්‍ය ජාලයක් විසින් ඉතා සූක්ෂම අන්දමින් ඉටු කරමින් සිටියි.
ඔවුන් මුලින්ම දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ රටට හිතකර ව්‍යාපෘති නිර්දය ලෙස විවේචනය කරමින්, ඒවා රටට අයහපත් ව්‍යාපෘති යැයි මවාපා දේශීය සහ විදේශීය ආයෝජකයින් මුලින්ම බිය වද්දීම එහි මූලික සැලැස්මයි.
බිය වැද්දීමෙන් අනතුරුව තම මාධ්‍ය අවභාවිතය හරහා ඔවුන් අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිරූපය ඉහළ දැමීමට පොරොන්දු වෙමින්, ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා කප්පම් ලබා ගැනීමේ නවතම මාධ්‍ය කලාවක් අනුගමනය කරමින් සිටියි.
ඒ පිළිබඳව සියලු තොරතුරු නුදුරු දිනකදීම ශ්‍රී ලාංකීය ජනතාවට හෙළි කිරීමට අප බලාපොරොත්තු වෙමු.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබ නොදන්නා කරුණු රාශියක් විටින් විට හෙළි කිරීමට ද අප සූදානම්.


















































