
දැන් රටේ සල්ලි නෑ කියා කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක් බවත්, මේවන විට විදේශ රටවලින් ආධාර ලැබෙමින් තිබෙන බවත්, මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පවසයි.
රවී කරුණානායක මහතා මේ බව පැවසුෙව් පදනම් ආයතනයේදී අද පස්වරුවේ පැවැති මාධ්ය හමුවකදීය.
ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ චීන සංචාරෙය් ප්රතිඵල ගැන මාධ්ය දැනුවත් කිරීම සඳහා එය සංවිධානය කර තිබූ අතර ඊට සෞඛ්ය ඇමති රාජිත සේනාරත්න, නාගරික සංවර්ධන ඇමති රවුෆ් හකීම්, විදේශ ඇමති මංගල සමරවීර හා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියහ.
කටාර් වලින් අමෙරිකානු ඩොලර් බිලියන 2ක් ආධාර වශයෙන් ලබාදීමට තීරණය කර ඇති බවත්, මීට අමතරව කොරියාවෙන් හා සවුදි අරමුදලින් ද ආධාර ලබාදීමට නියමිතව ඇති බවත් ඒ මහතා පැවසීය.
විදේශ රටවලින් ණය ගැනීමේදී අධික පොලියට ණය නොගන්නා බවද මුදල් ඇමතිවරයා කියා සිටියේය.
දැනට ඉදිකෙරමින් පවතින කොළඹ පිටත වටරවුම් මාර්ගයට යන වියදමෙන් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට ද චීනය පොරොන්දු වී ඇති බවද එහිදී ප්රකාශ කෙරිණ.
එසේම උපරිමාධිකරණය සංකීර්ණය ප්රතිසංස්කරණය කිරීමට, විද්යාඥයින් 2000ක් නොමිලේ පුහුණු කිරීමට, පොල් කර්මාන්තය දියුණු කිරීමට චීනය සහය දෙන බවට පොරොන්දු වී ඇතැයිද එහිදී ප්රකාශ විය.
මීට අමතරව පොළොන්නරුවට රුපියල් බිලියන 11.5ක වියදමින් වකුගඩු රෝහලක්, ජාතික රෝහලේ බාහිර රෝගී අංශය දියුණු කිරීමට රුපියල් බිලියන 11.15ක්, එහි හෘද රෝග ඒකකය දියුණු කිරීමට රුපියල් බිලියන 17.1ක් සහ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්රයක් හා අනෙකුත් උපකරණ සඳහා රුපියල් මිලියන 507ක් අධාර වශයෙන් ලබාදීමට නියමිත බවද මාධ්ය හමුවේදී අනාවරණය කෙරුණි.
කොළඹ වරාය නගර සංවර්ධන ව්යාපෘතිය ගැන ජනපති මෛත්රිපාල සිරිසේන මහතා චීන රජයේ නායකයින් සමග සාකච්ඡා කළ බවත්, නීතිමය කාරණා හා පරිසර වාර්තා ගැන සලකා ඉදිරි ක්රියාමාර්ග ගැනීමට තීන්දු වූ බවත්, එහිදී වැඩිදුරටත් ප්රකාශ විය.


















































