
යුධමය වාතාවරණයක් පැවති සමයේ දෙමළ ජනතාවයට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගත් යෝජනාව පිළිබද රජය අප්‍රසාදය පළ කර තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ අදාළ යෝජනාව සම්මත කර ගැනීම අන්තවාදී ක්‍රියායවක් ලෙස සැලකිය හැකි බවයි.
යුධමය වාතාවරණයක් පැවති සමයේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවටත්, සඳහන් වන යෝජනාවක් උතුරු පළාත් සභාවට ඊයේ දිනයේ ඉදිරිපත් කර තිබුණි.
පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබු අතර එය ඒකමතිකව සම්මත වී ඇත.
කෙසේ වෙතත් මේ පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ යුධමය වාතාවරණයක් පැවති සමයේ සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පිළිගත් දේශීය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නව රජය මේ වනවිටත් පොරොන්දු වී ඇති බවයි.
උතුරු පළාත් සභාව සම්මත කර ගෙන ඇති යෝජනාව හරහා රට තුළ යුද අපරාධ සිදුව ඇති බවට නගන චෝදනා සාධාරණීකරණය වීමක් සිදුවිය හැකි බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම උතුරු පළාත් සභාවේ මෙවැනි තීරණ රජය විසින් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙළට බාධාවක් වන බව ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුවූ බවට උතුරු පළාත් සභාව ඊයේ යෝජනාවක් සම්මත කරගත්තද ශ්‍රී ලංකාවට එරෙහි එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයකට සහය නොදීමට දිල්ලි පරිපාලනය තීන්දු කොට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පතට අනූව එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් මගින් මෑතකදී පත්වූ නව රජයට බලපෑම් කිරීම වේලාසන වැඩි යැයි දිල්ලි පරිපාලනයේ අදහස වී ඇත.
එසේම ජන සංහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවට සම්මත කරගත් යෝජනාව නිසා යුද අපරාධවලට අදාළව ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ අනුග්‍රහය යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව අතර ගැටීමක් ඇතිවේද යන්නත් ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබේ.
පසුගිය 2014 වසරේදීත් අමෙරිකාවේ අනුග්‍රහය යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දියාව සහයදීමෙන් වැළකී සිටියේය.
කෙසේ හෝ මෙම වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම ගැන ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇති අතර දිල්ලි පරිපාලනයේ අදහස වී ඇත්තේ නව රජයට උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සිය යුතුකම් කොටස ඉටුකිරීමට කාලය දිය යුතු බවය.
හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ උතුරේ බහුතරයක් ද්‍රවිඩ ජනයා වෙසෙන ප්‍රදේශවල සංහිඳියාව හා පුනරුත්ථාපන ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකාවේ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයේදී දැඩි අවධානයක් යොමුවනු ඇති බවයි.
එම සංචාරය මේ මස 15 සිට 18 දක්වා සිදුකිරීමට නියමිත අතර එහිදී ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවී මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.
එසේම ඉන්දියාවේ වෙසෙන ලාංකික සරණාගතයින් යළි ශ්‍රී ලංකාවට යැවීම ගැන ද සාකච්ඡා කරනු ඇත.


















































