header logo
Vallibel FD
උණුසුම් පුවත්
බොදුබල සේනාවේ ක්‍රියා කලාපය හෙළාදකිනවා
Apr 10, 201411:40 AM
බොදුබල සේනාවේ ක්‍රියා කලාපය හෙළාදකිනවා
Mobitel 1278

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනය පහත පරිදිය.

ජාතික බල සේනාව නම් සංවිධානයක් විසින් ඊයේ (09) දින කොළඹ හෝටලයකදී සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට කඩා වැදුණු බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් විසින් එය කඩාකප්පල් කර දැමීමේ සිදුවීමක් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මෙහිදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් විසින් එම ස්ථානයට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු සංවිධායකයින්ට බැණ වදින හා එලවා දමන ආකාරයත් බලහත්කාරයෙන් සමාව ගැනීමට සලස්වන ආකාරයත් දක්නට ලැබුණේ පොලිස් නිලධාරීන්ද එහි සිටි තත්වයක් තුළය.

කෙසේ වුවද මෙම සිදුවීම රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශවයෙන්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පාර්ශවයෙන්ද බරපතළ ගැටලූකාරී තත්වයක් උද්ගත කරන්නේ යැයි අපි විශ්වාස කරමු. ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට තමන් දරන අදහසක් මාධ්‍ය හමුවක් කැඳවා රටට ප‍්‍රකාශ කිරීමේ අයිතියක් ඇත. එය ව්‍යවස්ථාව මගින්ද පිළිගනු ලැබ ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට අයත් කරුණකි.

එම අදහස්වලට යම් කෙනෙකු හෝ සංවිධානයක් එකඟ නොවන්නේනම් කළ යුතුව තිබෙන්නේ තමන්ට කීමට ඇති දේද එසේම රටට කියා සිටීමය. එසේ නොකර බලහත්කාරය පාවිච්චි කරමින් මාධ්‍ය හමුවලට කඩාවැදී එය නතර කළ බොදු බල සේනා සංවිධානය ලබා දී ඇත්තේ වැරදි පූර්වාදර්ශයකි.

සෑම සංවිධානයක් විසින්ම මේ ආකාරයෙන් හැසිරීමට ගියහොත් රටේ ඇතිවන තත්ත්වය අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. දශක තුනකට වැඩි යුදමය වාතාවරණයකට පසුව, ජාතික සමගිය පිළිබඳ කතිකාවක් ඉස්මතු කළ යුතු මොහොතක ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයන් හා ආගම් අනුව තව තවත් එකිනෙකාගෙන් ඈත් කරවන මෙබඳු හැසිරීම් දැඩිව හෙළා දැකිමු.

පොලිස් නිලධාරීන්ද ඉදිරිපිට මෙබඳු බලහත්කාරී හැසිරීමක් ප‍්‍රදර්ශනය කරන්නට යම් සංවිධානයකට හෝ පුද්ගලයෙකුට හැකිවීම තුළින් නොසඟවා ප‍්‍රකට කෙරෙන්නේ ඊට ලැබෙන ආණ්ඩුවේ අනුග‍්‍රහය මිස වෙනකක් නොවේ.

එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සහ ජාතික අසමගියට තුඩු දෙන මෙබඳු හිතුවක්කාරී හැසිරීම් වළක්වාලීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු යැයි බලකර සිටින අපි ජාතික සමගිය වෙනුවෙන් අත්වැල් බැඳගන්නා මෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන්ට අයත් ජනතාවගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana