
මන්නාරම, තිරුකේතීෂ්වරම් සමූහ මිනී වළ අද 16 වැනි වරටත් කැණීම් කර මිනිස් හිස් කබල් 5ක් සොයාගෙන තිබේ.
ඊයේ එම ස්ථානයේ කැණීම් කර හිස් කබල් 3ක් සොයා ගන්නා ලදී.
ඒ අනූව එම ස්ථානයෙන් සොයාගත් මිනිස් හිස් කබල් ගණන මේවන විට 53ක් දක්වා ඉහළ ගොස් ඇත.
මන්නාරම මහේස්ත්රාත් ආනන්දි කණගරත්න මහත්මිය ඉදිරියේ එහි කැණීම් කටයුතු අදත් සිදුකෙරුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද පැමිණ සිටි වග අප වර්තාකරු පැවසීය.
දැනට සොයාගෙන ඇති මිනිස් හිස් කබල් මන්නාරම රෝහලේ ආරක්ෂිත ස්ථානයක තබා තිබේ.



















































