
කච්චතිව් දුපත නිල ගිවිසුමකින් ශ්රී ලංකාවට උරුම වී ඇති බවත් එම දූපත සම්බන්ධයෙන් තමිල්නාඩුවට කිසිදු අයිතියක් නැති බවත් කුඩා ව්යවසාය සංවර්ධන අමාත්ය ඩග්ලස් දෙවානන්ද මහතා අවධාරණය කරයි.
ඉන්දීය පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව පවසා ඇත.
දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණ ඇතිව තමිල්නාඩු ප්රධාන ඇමතිනි ජයලලිතා ජයරාම් එහි අයිතිය ඉල්ලා සිටින බව ඔහු පෙන්වාදෙයි.
කච්චතිව් දුපත සම්බන්ධ කරුණ ඉන්දු ලංකා ධිවරයින්ගේ ජීවිකාවට අදාළ කරුණක් බැවින් දේශපාලනයෙන් තොරව ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස හෙතෙම තමිල්නාඩු දේශපාලන නායකත්වයෙන් ඉල්ලීමක් කරයි.



















































