
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් මෑතකදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීම සිදුකළ අතර අධිකරණය එහි නියෝගය අද (27) දින ප්රකාශයට පත් කරන බව නිවේදනය කර තිබුණි.
එහෙත් මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා නිවේදනය කලේ එම නියෝගය ප්රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වනදා සිදුකරන බවය.
ඒ අනුව අදාළ නියෝගය ප්රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.











































