
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවක් පවත්වා තිබේ.
ඒ, අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය.
2025 වසරේ නොවැම්බර් 26 වැනිදා ශ්රී ලංකාවට දකුණු මුහුදු ප්රදේශයේ හටගත් අඩු පීඩන කලාපය පසුව ‘දිට්වා’ නමින් ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනේ ප්රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල කළේය.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වූ ඉහළම වර්ෂාපතනයක් ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලට ඇදහැලී තිබුණි.
ඒ හේතුවෙන් දිස්ත්රික්ක 25න් 22කටම දැඩි බලපෑම් එල්ල විය.
ඇති වූ තද වැසි, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මාර්ග පද්ධති, නිවාස සහ වගාබිම් විශාල ප්රමාණයක් විනාශයට පත්විය.
එම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 650කට අධික පිරිසකට දිවි අහිමි වී ඇති අතර, තවත් 173කට ආසන්න පිරිසක් අතුරුදන් විය.











































