
පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තය බෙදා වෙන් කිරීමට හෝ නව පරිපාලන ඒකක පිහිටුවීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කළහොත්, ප්‍රාන්තය පුරා දැවැන්ත විරෝධතා දියත් කරන බවට සින්ද් ජාතිකවාදී පක්ෂ අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමේ අදහස ද ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කරයි.
මෙම යෝජනාවට විරෝධය පළ කරමින් කරච්චි නුවර විරෝධතා රැලියක්ද සංවිධානය කර තිබූ අතර ඊට ජාතිකවාදී නායකයින්, දේශපාලන ක්‍රියාකාරීන්, නීතිඥවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්වී තිබුණි.
එහිදී අදහස් දැක්වූ ක්‍රියාකාරීන් පවසා ඇත්තේ සින්ද් ප්‍රාන්තයේ දැනට පවතින මායිම්වල සිදුකරන ඕනෑම වෙනසකට තමන් විරුද්ධ බවය.











































