
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.
එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය මෙහිදී ගැනීමට නියමිත බව සඳහන්ය.
ඒ අනුව අද පෙරවරුවේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
"මේ රටේ රෝහල් පද්ධතිය ඇතුළේ දැවැන්ත සේවාවක් සිදුකරන මේ රටේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් ආර්ථික අසාධාරණය සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙනවා තියා අඩුම ගානේ සාකච්ඡා කරන්නවත් සූදානම් නැති ස්ථාවරයක තමයි ආණ්ඩුව ඉන්නේ. සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගෙන් අපි පස් වතාවකට වඩා ඉල්ලීම් කරලා තියෙනවා, අග්‍රාමාත්‍යවරියගෙන් දෙවතාවක්, සෞඛ්‍ය ඇමතිතුමාගෙන් තුන් වතාවක්. හැබැයි කවුරුත් සූදානම් නැහැ සාකච්ඡා කරන්න සහ ඒවාට පිළිතුරු ලබා දෙන්න. එහෙම තත්ත්වයක් තුළ තමයි අපිට සිද්ධවෙලා තියෙන්නේ මේ විදියට ආයෙත් වෘත්තීය ක්‍රියාමාර්ගය අරගෙන එන්න. තාමත් අපි සාකච්ඡාව සඳහා බලාපොරොත්තු වී ඉන්න අතරතුරේදී සාකච්ඡාව ලබාදෙන්නේ නැත්නම් මෙතනින් එහාට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, අද දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. මෙහිදී අපි තීරණය කරනවා එළඹෙන සතිය ඇතුළේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනවාද, 30 වෙනිදාද නැත්නම් වෙන දවසක්ද, ඒ වෘත්තීය ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණය මධ්‍යම කාරක සභාවෙන් පස්සේ අද දවසේදීම මේ රටට කියන්න සූදානමින් ඉන්නවා."
වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් ඉහළ දමා ඇති පසුබිමක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ නොවන බවට ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද අදහස් පළ කළ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,











































