
ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්‍රදේශයේදී ඊයේ (26) සවස සිදුවූ රිය අනතුරකින් අවුරුද්දයි මාස 5ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නෝනාගම දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක්, එම දිශාවටම මාර්ගයේ ඉදිරියෙන් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ දැරියගේ මව සහ පියාද යතුරුපැදියේ සිට ඇති අතර, තුවාල ලැබූ ඔවුන් ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇත.
මියගිය දැරිය සහ ඇගේ දෙමව්පියන් ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.











































