header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
COP31 දේශගුණික සමුළුව එකඟතාවයකින් තොරව අවසන් වෙයි
COP31 දේශගුණික සමුළුව එකඟතාවයකින් තොරව අවසන් වෙයි
Mobitel 1278

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව පොදු එකඟතාවකට පැමිණීමට සමුළුවේ සභාපතිත්වය දැරූ තුර්කිය සහ ඔස්ට්‍රේලියාව අපොහොසත් වීමත් සමඟ, එක්සත් ජාතීන්ගේ COP31 දේශගුණික සමුළුව අද (22) එකඟතාවකින් තොරව අවසන් විය.

යුරෝපා සංගමය ඇතුළු රටවල් කිහිපයක් අවසන් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීම මීට ප්‍රධාන වශයෙන් හේතු විය.

පසුගිය සිකුරාදා අවසන් වීමට නියමිතව තිබුණද, සති දෙකකට අධික කාලයක් පුරා සති අන්තය දක්වාම ඇදී ගිය දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, සමාප්ති සැසිවාරය අමතමින් COP31 සභාපති, තුර්කියේ මුරාත් කුරුම් (Murat Kurum) ප්‍රකාශ කළේ අදාළ ගිවිසුම අනුමත නොවූ බවය.

එහිදී ඔහු පවසා ඇත්තේ,

"මෙම ලේඛනයට විරුද්ධ වන පාර්ශ්වයන් මෙම ශාලාව තුළ සිටින බව පැහැදිලියි. මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවක් නොමැති බව අපි පිළිගන්නවා. එබැවින් මෙම තීරණ සම්මත වී නැහැ." යනුවෙනි.

2009 වසරේ කෝපන්හේගන් සමුළුව බිඳ වැටීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා තුළ සිදු වූ දරුණුතම පසුබෑම මෙය ලෙස සැලකේ.

සාකච්ඡා මෙහෙයවූ ඔස්ට්‍රේලියාව සහ සත්කාරක තුර්කිය, දේශගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්වන රටවල් සහ ෆොසිල ඉන්ධන නිෂ්පාදනය හා පරිභෝජනය මත යැපෙන ආර්ථිකයන් හිමි රටවල් අතර සම්මුතියක් ඇති කිරීමට කෙටුම්පත් කිහිපයක්ම ඉදිරිපත් කර තිබුණි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට අපේක්ෂා කළ සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවා යාමට ආසන්න බව මෙම කෙටුම්පත මගින් පළමු වරට පිළිගෙන තිබුණි.

එම තත්ත්වය ආපසු හැරවීම සඳහා කාබන් ඉවත් කිරීමේ තාක්ෂණයන් (carbon-removal technologies) වේගවත් කළ යුතු බවට එහි යෝජනා වුවද, විවේචකයින් පෙන්වා දුන්නේ එම කෙටුම්පත ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවන බවය.

යුරෝපයේ දැඩි උණුසුම සහ නේපාලයේ ග්ලැසියර ගංවතුර වැනි ගෝලීය උණුසුම නිසා ඇති වූ දරුණුතම විනාශයන් වාර්තා වූ වසරක මෙම සමුළුව බිඳ වැටීම විශේෂත්වයකි.

ලෝකයේ පවතින යුද ගැටුම් සහ ඉහළ යන ජීවන වියදම හමුවේ දේශගුණික අර්බුදය කෙරෙහි ඇති අවධානය යම් තරමකට යටපත් වී ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, තුර්කියේ අන්තාලියා නුවර පැවති මෙම සමුළුවේදී දේශපාලන ප්‍රකාශනයකට එකඟ වීමට නොහැකි වීම ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාමාර්ගවලට දැඩි පහරක් වුවද, මීට පෙර පැවති සමුළුවලදී රටවල් එකඟ වූ වගකීම් හෝ දේශගුණික විපර්යාස පාලනය කිරීමේ නීතිමය හා තාක්ෂණික රාමු ඉන් අහෝසි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි