
රටක් දියුණුවීමට නම් ව්‍යවසායකත්ව මනසකින් යුතු ජනතාවක් මෙන්ම නායකත්වයක්ද බිහිවිය යුතු බව GLEC නිර්මාතෘ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ ලෝකය පුරා ව්‍යාප්තව සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම ඩිජිටල් වේදිකාවකට එක්කරන ''GLEC ජාත්‍යන්තර සමුළු මාලාව'' ජපානයේදී අද (22) ආරම්භ කරමිනි.
එම සමුළුව අද දහවල් ජපානයේ සුකුබාහිදී ආරම්භ වුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් රැසකගේ සහභාගිත්වයෙනි.
සමුළුවෙන් අනතුරුව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඊට එක්වූ ශ්‍රී ලාංකිකයින් සමඟ සුහද කතාබහකද නිරත විය.
ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්, වෘත්තිකයින් සහ විද්වතුන් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමේ අරමුණෙන් ගෝලීය ලාංකික ව්‍යවසායකත්ව එකමුතුවේ හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදුකෙරුණි.
ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට එකම තැනකදී ගෝලීය දොරගුලු විවිර කෙරෙන මෙම නවමු ඩිජිටල් වේදිකාව නිර්මාණය කෙරුණේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ සංකල්පයක් මතය.
GLEC ඩිජිටල් වේදිකාව පිළිබඳ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළු මාලාවක් ජපානයෙන් ආරම්භ වූ අතර ඊට එක්වීමට එරටට ගිය ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසට එරට ශ්‍රී ලාංකිකයින්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.
















































