
2027 වසරට අදාළ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.
එහි පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේය.
එහිදී හෙතෙම අවධාරණය කළේ, පසුගිය අයවැය දෙක සඳහා සිය පක්ෂයේ සහාය ලබාදුන්න ද මෙවර විරුද්ධව ඡන්දය භාවිත කරන බවය.
වත්මන් ආණ්ඩු විසින් දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ දේශපාලන ගැටලු නොසලකා හැර කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එස්. ශ්රීධරන් මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.

















































