
මොනරාගල, උනකන්ද රක්ෂිත ප්‍රදේශයේදී අඩි තුනක් පමණ උසැති ගංජා ගස් 2100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට මොණරාගල විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව සිදු කළ වැටලීමකදී මෙම ගංජා ගස් සොයාගෙන ඇති බව සඳහන්ය.
එහි වටිනාකම රුපියල් දස ලක්ෂයක් පමණ වන බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

















































