
මෙරට වැඩිහිටි ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට අභියෝග කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වන වසන්ත මුදලිගේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

















































