
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ නීති කණ්ඩායම නවදිල්ලියේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයට දෙවන වරටත් ලිපියක් යොමු කර තිබේ.
ඒ, ෂෙයික් හසීනාට සිය මව්බිමට යළි පැමිණීම සඳහා ඇති උත්සාහය නව හැරවුමකට ලක් කරමින්, ඇය වෙනුවෙන් නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමේ අරමුණින්ය.
තමන්ට ඇය වෙනුවෙන් කටයුතු කිරීමට ඇති බලය තහවුරු කිරීම සඳහා මෙවර ඔවුන් හිටපු අගමැතිනියගේ අත්සන සහිත බලය පැවරීමේ ලේඛනයක් ද ඊට අමුණා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය නොවැම්බර් 9 වැනිදා එම ආයතනය විසින් යොමු කළ මූලික ලිපියෙන් අනතුරුව, වැඩබලන මහ කොමසාරිස් වෙත මෙම නව ලිපිය යොමුකර ඇත.
නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් සඳහා වන ඉල්ලීම මහ කොමසාරිස් කාර්යාලයට ලැබී ඇති බවත්, එහෙත් ෂෙයික් හසීනා වෙනුවෙන් කටයුතු කරන්නේ ද යන්න තහවුරු කරගැනීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඇය වෙනුවෙන් කටයුතු කිරීමට ඇති අත්සන සහිත බලය පැවරීමේ ලේඛනය මෙම ලිපියට අමුණා එවන බව අදාළ නීති ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

















































