
රජයට සහාය දක්වන යූටියුබ් නාලිකා 19,000කට අධික සංඛ්‍යාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස ඉන්දුනීසියානු ඩිජිටල් අමාත්‍යාංශය ගූගල් සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නිකුත් කළ ගූගල් සමාගමේ මෙහෙයුම් වාර්තාවට අනුව, ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දුනීසියානු රජයට සම්බන්ධ යූටියුබ් නාලිකා 19,372ක් ඉවත් කර ඇති බව සඳහන් වේ.
අදාළ යූටියුබ් නාලිකා මඟින් ඉන්දුනීසියානු රජයට සහ එහි පාලනයට පක්ෂපාතී අන්තර්ගතයන් ප්‍රචාරය කර ඇති අතර, ඇතැම් නාලිකා රජය විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව අදහස් පළ කර ඇති බව ද ගූගල් සමාගම සඳහන් කර තිබේ.
දේශපාලන මතවාදය කුමක් වුවත්, තම ප්‍රතිපත්ති අඛණ්ඩව හා එකසේ ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

















































