
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136 දෙනෙකු දෙපාර්තමේන්තුගත ක්ෂේත්‍ර සහායක තනතුර සඳහා ස්ථිර පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන්ට පත්වීම් ලිපි ලබන 23 වැනිදා ලබාදෙන බවය.
එම උත්සවය පරිසර අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
වසර ගණනාවක් පුරා නොවිසඳී පැවති ස්වෙච්ඡා මාර්ගෝපදේශකයින්ගේ රැකියා සුරක්ෂිතතා ගැටලුව විසඳීම සඳහා වත්මන් පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කඩිනම් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පත්වීම් ප්රදානය සිදු වනු ඇත.

















































