
රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොටුඹ අමිල නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබේ.
සැකකරු අද (20) රුසියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
එහිදී සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරු ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියටද සම්බන්ධ වී ඇති අයෙකු අතර තවත් ඝාතන සිද්ධීන් සඳහා චෝදනා එල්ල වූ අයෙකු බවටද මේ වන විට අනාවරණය වී තිබේ.


















































