
Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang ධුරයෙන් ඉවත්වූ බවට පුවත් වාර්තාවීමත් සමග එහි කම්පනය චීන කොටස් වෙළෙඳපොළ වෙත ද වේගයෙන් බලපා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව Nvidia ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වීමෙන් පසු චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Alibaba සමාගමේ කොටස් සියයට 6කට වඩා පහත වැටී ඇතැයි එම මාධ්‍ය වාර්තා පවසයි.
Jensen Huang සමග අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන චීන ඔත්තුකාරියක යැයි සැක කෙරෙන ඇලිස් හුවාං නමැත්තිය විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ සිංගප්පූරු තාක්ෂණික සමාගමක් වන Megaspeed හි විශාලතම ගනුදෙනුකරු ලෙස අලිබාබා සමාගම නම් කර තිබේ.
මේ අතර, මෙම ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් චීනයට දියුණු Microchips ලබාගැනීම තවදුරටත් දුෂ්කර වනු ඇතැයි යන බිය මත, චීන AI මෘදුකාංග සංවර්ධන සමාගම් දෙකක් වන Z.ai සහ MiniMax හි කොටස් පිළිවෙළින් සියයට 9කින් සහ සියයට 7.8කින් පහත වැටී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

















































