
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි යන අය තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය.
රිමාන්ඩ් භාරයේ පසුවන චාමර සම්පත් දසනායක මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කෙරිණි.
ඊට අමතරව අදාළ නඩුකරයේ හතරවන සැකකරුවකු ලෙස නම් කර සිටින දිනේෂ් පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

















































