
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්මණ්ඩල සඳහා මූලික දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (19) දින දිවයින පුරා පාසල්වලදී ක්‍රියාත්මක කෙරිණි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් අධ්‍යාපන පද්ධතියේ සියලු පාර්ශ්ව වෙත සන්නිවේදනය කිරීමත්, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික දැනුම ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල වෙත ලබා දීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
එමෙන්ම ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා පරිශීලනය කළ යුතු නෛතික ලේඛන සහ දැනුවත් වීමේ ක්‍රමවේද හඳුන්වාදීමද මෙම වැඩසටහන ඔස්සේ සිදු කෙරිණි.
මෙම වැඩසටහන් මාලාවේ මීළඟ අදියර වශයෙන් නොවැම්බර් මස 30 දින සිට දෙසැම්බර් 04 වන දින දක්වා දෙමව්පියන් දැනුවත් කිරීමේ සතියක් සැළසුම් කර ඇත.
මෙහිදී සෑම පාසලකම සෑම ශ්‍රේණියකම දරුවන්ගේ දෙමව්පියන් පාසලට කැඳවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මූලික දැනුවත් කිරීමක් ලබා දීම අපේක්ෂිත අරමුණ බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

















































