
මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (20) පෙරවරු 10.50ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී තිබේ.
ඒ අනුව, ඉහළම වායු ගුණාත්මක දර්ශක අගය වන 190 හලාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, යාපනයෙන් 164ක්, ත්‍රිකුණාමලයෙන් 161ක්, මුලතිව්වලින් 160ක්, කිලිනොච්චියෙන් 159ක් සහ අනුරාධපුරයෙන් 156ක් ලෙස දර්ශක අගයන් වාර්තා වී ඇත.
මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් වේ.
මේ අතර, ඇල්ල ප්‍රදේශයෙන් 119ක්, අක්කරේපත්තුවෙන් 131ක්, මන්නාරමෙන් 132ක්, බත්තරමුල්ලෙන් 131ක්, රත්නපුරයෙන් 126ක් සහ මහනුවරින් 127ක් ලෙස ද වායු ගුණාත්මක දර්ශක අගයන් වාර්තා වී තිබේ.
එම අගයන් සුළු වශයෙන් අහිතකර මට්ටමට අයත් වේ.
වායු ගුණාත්මක දර්ශකය අනුව 0ත් 50ත් අතර අගයන් යහපත් මට්ටම ලෙසත්, 51ත් 100ත් අතර අගයන් මධ්‍යස්ථ මට්ටම ලෙසත් වර්ගීකරණය කර තිබේ.
එමෙන්ම, 101ත් 150ත් අතර අගයන් සුළු වශයෙන් අහිතකර මට්ටමටත්, 151ත් 200ත් අතර අගයන් සෞඛ්‍යයට අහිතකර මට්ටමටත් අයත් වේ.
201ත් 300ත් අතර අගයන් ඉතා අහිතකර මට්ටම ලෙසත්, 301ත් 500ත් අතර අගයන් අනතුරුදායක මට්ටම ලෙසත් වර්ගීකරණය කර ඇත.
ඒ අනුව, වායු දූෂණ මට්ටම ඉහළ ප්‍රදේශවල ජනතාවට ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස උපදෙස් ලබාදී තිබේ.

















































