
පාකිස්තානය සමඟ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 316ක් රැස් කළේය.
ඒ අනුව, පළමු ඉනිමේ වාසිය ද සමඟින් ශ්රී ලංකාව පාකිස්තානයට තරගය ජයගැනීම සඳහා ලකුණු 90ක ඉලක්කයක් හිමිව තිබේ.
ශ්රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් මිලාන් රත්නායක ලකුණු 66ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් ලබාගත්හ.
පන්දු යැවීමේදී ආමර් ජමාල් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.

















































