header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ස්මාර්ට් පන්ති කාමර 60 සඳහා අවසන් අනුමැතිය සතියක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වයේ එකඟතාව
ස්මාර්ට් පන්ති කාමර 60 සඳහා අවසන් අනුමැතිය සතියක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වයේ එකඟතාව
Mobitel 1278

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් මහත්මිය ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී වතු ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ස්මාර්ට් පන්ති කාමර 60ක ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත යුතු අනුමැතිය සතියක් හෝ දින දහයක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් විසින් සඳහන් කළාය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ස්මාර්ට් පන්ති කාරම 60ක මෙම ව්‍යාපෘතිය මේ වසරේ අවසාන අදියරට පැමිණ ඇති බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබා ගනිමින් මෙම වසර අවසානයට පෙර පාසල් දරුවන්ට එහි ප්‍රතිලාභ ලබාදීමට හැකි වන පරිදි කටයුතු කිරීම වැදගත් බවය.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික හා මිත්‍රශීලී සබඳතා වර්තමානයේදී ද ඉතා ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරයා සිය සතුට පළ කළේය.

ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර එහි පළමු අදියර යටතේ ඉදිකෙරෙන නිවාස 1,300න් 2026 ඔක්තෝබර් 31 වන විට නිවාස 670ක ඉදිකිරීම් අවසන් කර ඇති අතර, තවත් නිවාස 306ක් වහල මට්ටම දක්වා ඉදිකර ඇති බවද අනාවරණය කෙරිණි.

එමෙන්ම දෙසැම්බර් 20 වනදා විට නිවාස 1,000කට ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා සඳහන් පෙන්වා දුන්නේය.

තවද, දෙවන අදියර යටතේ හිමිකම් පත්‍ර ලබාදී ඇති නිවාස 2,026ක ඉදිකිරීම් කඩිනම් කිරීම සහ ඉදිරි අදියරවලදී ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක සම්බන්ධයෙන් වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

ඒ සඳහා නිවාස අමාත්‍යවරයා සහ අදාළ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර, දිට්වා ආපදාවෙන් හානි වූ නිවාස සඳහා ශ්‍රී ලංකා රජය ලබාදීමට තීරණය කර ඇති සහනාධාර වැඩසටහනට ඉන්දීය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව දිට්වා හානි හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස අතරින් නිවාස 5,400ක් සඳහා ශ්‍රී ලංකා රජය ලබා දෙන රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමටත් අර්ධ හානි සිදුවූ නිවාස සඳහා ලක්ෂ 05 බැගින් ලබාදීමටත් ඉන්දීය රජය සුදානම් බව මෙහිදි නියෝජිත පිරිස පැවසීය. 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි