
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට විදේශ කටයුතු අමාත්‍ය සිහසාක් ෆුවාන්කෙට්කියෝ මහතා අද (20) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
එළැඹෙන 23 වැනිදා දක්වා සිදුකෙරෙන මෙම සංචාරයේදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හෙට (21) මහනුවර අස්ගිරි මහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජකීය කඨින පින්කමට සහභාගිවීමට නියමිතය.
තායිලන්ත රජු මහා වජිරලොන්කෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙස ඔහු එම පින්කමට එක්වේ.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට ද නියමිතය.
එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, විදේශ ගමන්බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමකට අත්සන් තැබීමටද තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතව ඇති බවය.















































