
බස්නාහිර පළාතේ පමණක් මේ වසරේ ගත වූ කාලය තුළදී ගිනිගැනීම් 371ක් සිදුව ඉන් 26 දෙනෙකු මියගොස් ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් සියලුදෙනාම දුම ආග්රහණයවීම හේතුවෙන් මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හදිසි ගින්නක් ඇතිවුණොත් කඩිනමින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විදුලි උපකරණ ඇතුළු අවදානම් භාණ්ඩ ප්රමිතිගතව පවත්වාගෙන යන ලෙසත් ඔවුන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














































