header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
APEC ආර්ථික නායක සමුළුවේදී ආසියා-පැසිෆික් ආශ්චර්යය ගැන කියන චීන ජනපති
APEC ආර්ථික නායක සමුළුවේදී ආසියා-පැසිෆික් ආශ්චර්යය ගැන කියන චීන ජනපති
Mobitel 1278

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC ආර්ථික නායක සමුළුව අද (19) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරම්භ විය.

ෂී ජින්පිං මහතා එම සමුළුව අමතමින් "ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් 'ආසියා-පැසිෆික් ආශ්චර්යයේ' නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම" යන මැයෙන් යුත් වැදගත් දේශනයක් ද පැවැත්වීය.

දශක තුනකට පෙර යුගයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, APEC  සංවිධානය ස්ථාපිත කිරීමත් සමගම ආසියා පැසිෆික් කලාපය ගොඩනැගීමේ දැවැන්ත ගමන ආරම්භ වී තිබෙන බව ෂී ජින්පිං මහතා එම සමුළුවේදී පැවසීය.

ගතවූ වසර 30ක කාලය තුළ ආසියා පැසිෆික් කලාපය දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අතර ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වෙමින් “ආසියා-පැසිෆික් ආශ්චර්යය" නිර්මාණය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

වර්තමානයේ ඇති නව අවස්ථාවන් හා අභියෝගයන් හමුවේ ආසියා පැසිෆික් සහයෝගිතාව නව තත්ත්වයන්ට අනුකූලව නව පරිච්ඡේදයක් නිර්මාණය කළ යුතු බව එතුමා පෙන්වා දුන්නේය. එමෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම, විවෘතභාවය හා අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය, නවෝත්පාදනය හා සාමුහික සංවර්ධනය තුළ කටයුතු කරන ආසියා පැසිෆික් ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

චීනය, ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික සහයෝගිතා සඳහා පෙනී සිටිමින් එය තහවුරු කරන්නෙක් බව ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය.  විවිධ පාර්ශ්වයන් සමග එක්ව ආසියා ශාන්තිකර පොදු ප්‍රජාවක් සඳහා කේන්‍ද්‍රීය පදනමක් සැකසීම චීනයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන්, ආර්ථික හා වෙළඳ පදනම තහවුරු කිරීමත්, අන්‍යෝන්‍ය සබඳතා ඇති කර ගැනීම ද වැඩි දියුණු කළ යුතු බවත් ඔහු පැවසීය.

මෙමගින්, කලාපීය ආර්ථික හා වෙළඳාමට අදාළ ගිවිසුම් සඳහා වැදගත් වන සබඳතා පවත්වා ගනිමින් ආසියා ශාන්තිකර නිදහස් වෙළඳ කලාපයන් සඳහා වන ප්‍රතිපත්තිමය සංවාද තහවුරු කළ යුතු අතර, ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳාම පිළිබඳ ක්‍රියාවලීන් වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් පෙනී සිටීමේ ශක්‍යතාවන් ඉහළ නංවාලීමට ද අපේක්ෂා කෙරේ.

එමෙන්ම, යටිතල පහසුකම් ජාල වැඩි දියුණු කරමින් ප්‍රතිපත්තිමය හා අධීක්ෂණ සම්බන්ධීකරණ තහවුරු කර මානව සන්නිවේදනය හා මානව සබැඳියාව ශක්තිමත් කිරීමට ද ඒ හරහා බලාපොරොත්තු වෙයි. ඒ අතරම, නවෝත්පාදන බිහි කරමින් සංවර්ධනය වෙත ප්‍රමුඛත්වයක් ලබා දීම ද කළ යුතු බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මේ යටතේ, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් විවෘතභාවයකින් යුත් නවෝත්පාදන පරිසරයක් බිහි කළ යුතු බවත් ඔහු එහිදී පැවසීය.

තවද, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් පුළුල්ව භාවිතය දිරිගන්වමින් කලාපීය බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සහයෝගිතා ඉදිරියට රැගෙන යාමත්, රටවල් සමග අන්‍යෝන්‍ය සහයෝගීත්වයෙන් අල්ලස හා දූෂණය පාලනය මෙන්ම ස්වාභාවික සම්පත් නිසි ලෙස භාවිතය හා සංරක්ෂණය තුළින් තිරසර ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමත් සිදු කළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

චීනය ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාවට අඛණ්ඩව අනුබල දෙන බව ෂී ජින්පිං මහතා පැවසීය. APEC සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවට සහාය වීම වෙනුවෙන් චීනය ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සපයනු ඇත. ආසියා-පැසිෆික් ප්‍රජාවක් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය Shenzhen නගරයේදී ස්ථාපිත කරමින් ප්‍රතිපත්ති අධ්‍යයනය හා හුවමාරු චීනය සිදුකරනු ඇත.

ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාව මත ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාතික දත්ත ගලනය, පිරිසිදු බලශක්ති, මධ්‍යම හා සුළු ව්‍යවසායන් සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා ආයතන ස්ථාපිත කරමින් ආසියා-පැසිෆික් කලාපයේ නවෝත්පාදනය හා පරිසර හිතකාමී වර්ධනය බිහිකිරීමට චීනය ක්‍රියා කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !