header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයෝ 34ක් මෙරටට
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයෝ 34ක් මෙරටට
Mobitel 1278

උතුරු සහ උතුරු මැද පළාත්වල පාසල්වල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකානු සාම බලකායේ (Peace Corps) ස්වේච්ඡා සේවකයන් 34 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ වසර දෙකක සේවා කාලයක් ආරම්භ කර තිබේ.

ඒ වෙනුවෙන් පැවැති සේවා ප්‍රතිඥා ප්‍රදාන උත්සවයට ඊයේ  (17) දින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී විය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මේයර් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.

2018 වසරේදී වැඩසටහන යළි ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම සාම බලකා ස්වේච්ඡා සේවක කණ්ඩායම මෙය වේ.

මෙම ස්වේච්ඡා සේවකයන් ශ්‍රී ලාංකික ගුරුවරුන් සමඟ එක්ව පන්තිකාමර ඉගැන්වීම් සහ ගුරු පුහුණු වැඩසටහන් ඔස්සේ සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, අධ්‍යාපනික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා වැදගත් වන බව අවධාරණය කළේය.

“රාජ්‍යතාන්ත්‍රික සබඳතා සෑම විටම සාකච්ඡා මේසයක් හරහා ආරම්භ වන්නේ නැහැ. ඇතැම් විට එය පන්ති කාමරයක මේසයක් හරහා ආරම්භ විය හැකියි.”

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාම බලකා වැඩසටහනේ අධ්‍යක්ෂ ජෙෆ්රි ගෝවියා මහතා ඇතුළු කණ්ඩායම මෙම හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් දක්වන කැපවීම ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අධ්‍යාපනික සහයෝගීතාව, සංස්කෘතික හුවමාරුව සහ ජනතා අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ඇත.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

ආනන්ද පාලිත රිමාන්ඩ්

ආනන්ද පාලිත රිමාන්ඩ්

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana