
අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ තෙමස් පූර්ණය වෙනුවෙන් FM දෙරණ සංවිධාන කළ දානමය පිංකම දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද (18) පැවැත්විණි.
දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා, දෙරණ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන්, සේවක පිරිස් සහ සැදැහැවතුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පිංකම සිදුකළේය.
සම්බුද්ධ දේශනාවේ හරය අන්තර්ගත කරමින් සුභාවිත ගී රැසක් මෙරට කලාවට දායාදකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් භික්ෂූන් වහන්සේ සඳහා FM දෙරණ සංවිධායකත්වයෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණි.
ඩිජිටල් අවකාශය මගින් සිදුවන වැරදි සන්නිවේදනය හේතුවෙන් නූතන ශ්‍රී ලාංකීය සඟ පරපුර පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් සමාජගත වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වාදුන්හ.
මෙම පිංකමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ හිමියෝ ඇතුළු පිරිසක් වැඩම කළහ.



















































