
මිනිස් ඉතිහාසයේ මිනිසා නිර්මාණය කළ යානාවක් විශ්වයේ ගිය වැඩිම දුර අද (18) සනිටුහන් විය.
ඒ නාසා ආයතනයේ වොයේජර් 1 යානය අභ්‍යාවකාශයේ කිලෝමීටර් බිලියන 25.9ක දුරක් ගමන්කිරීමත් සමඟිනි.
එය සැලකෙන්නේ අභ්‍යවකාශයේ ආලෝක දිනයක් , එනම් අලෝකය රික්තකයක් තුළ පැය 24 ක කාලයක් ගමන්කරන දුරට සමාන දුරක් ලෙසය.
ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුවෙන් 1977 සැප්තැම්බර් 5 වැනිදා අභ්‍යවකාශගත කෙරුණු යානයට එම දුර ගමන්කිරීමට වසර 49 යි මාස 2යි දින 13ක් ගතවී තිබුණි.















































