
ඉදිරි වසර තුන තුළ ආර්ථික වර්ධන වේගයේ අඩුවක් සිදුවන බවට ආර්ථික විශේෂඥයන් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ආර්ථික විද්‍යාර්තයින්ගේ සංගමය අද(18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා පැවසූවේ පසුගිය වසර කිහිපය තුළ පැවති ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යාමේගැටළුවක් පවතින බවයි.
"පසුගිය වසර දෙක තුන තුළ ආර්ථික වර්ධන වේගය 5%ක් විතර. නමුත් මෙම වර්ධනය තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මෙම වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 3%ක් සහ 4ක් අතර පවතින බව සංඛ්‍යා දත්ත අනුව පැහැදිලි වෙනවා.
ඒ වගේම 2027, 2028, 2029 වසරවල ආර්ථික වර්ධන වේගය 3%ක් තරම් අඩුවෙනවා. ඒ අනුව අපිට පැහැදිලි මෙම වර්ධනය දිගටම පවත්වාගෙන යාමට අපහසුයි.
ඒ වගේම 8%ක වර්ධන වේගය පසුකළේ අවස්ථා දෙකකදී පමණයි. එනම් 1978 දී වගේම 2009 යුද්ධ තත්ත්වය නිම කළාට පසු 2010 - 11 වසරවල නැවතත් 8%ක වර්ධන වේගයක් ලබා ගැනීමට හැකි වුණා.
නමුත් මේවා දිගටම පවත්වාගෙන යාමට අපහසු වුණා. පහුගිය අවුරුදු 40 - 50 බැලුවම අපි කළේ දිගටම අපේ ඉන්වෙස්ට්මන්ට් වැඩි කළා. නමුත් ආයෝජන වැඩි කරන්න වැඩි කරන්න අපිට අර වර්ධනය කරගන්න තිබුණු ආර්ථික වේගය අඩුවෙනවා. අද වෙනකොට ආර්ථිකය යම්කිසි සීමාවකට ඇවිල්ලා තියෙනවා."
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා මෙලෙස අදහස් පළ කළේය.
"1960 දකුණු කොරියාවේ ඒකපුද්ගල ආදායම තිබුණේ ඩොලර් 156යි. ලංකාවේ ඒකපුද්ගල ආදායම 146යි. නමුත් අද බලන්න දෙකේ වෙනස, දකුණු කොරියාවේ අද ඩොලර් 36,200ක් විතර වෙනවා. ලංකාවේ ඒකපුද්ගල ආදායම පසුගිය වර්ෂයේ ඩොලර් 5,002යි. එතකොට හත් ගුණයකින්වත් වැඩියි දකුණු කොරියාවේ ආදායම.
අපිට අවශ්‍යයි රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් (Research and Development) පිළිබඳ අවුරුදු 10කට ඉස්සරහ වාර්තාවක් හෝ ඒ විදිහේ මාර්ගගත සැලැස්මක් හරි ගෙස්සලා දුන්නොත් ස්වේච්ජාවෙන් කලේ 2013. අද ඒක ක්‍රියාත්මක වුණා නම් අද මේ රටේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. නමුත් ඒ ක්‍රියාත්මක වුණේ නැත්තේ අපේ දේශපාලන අස්ථාවරත්වය නිසා. අවුරුදු පහෙන් පහට දේශපාලන පක්ෂ මාරු වෙනවා. ඒ නිසා අපිට දිගටම ප්‍රතිපත්තියක් ගෙනියන්න අපහසු වුණා. ඊළඟට එන රජය අලුතෙන් පටන් ගන්නවා ඒක. දේශපාලන අස්ථාවයතාව ඇත්තටම සෑහෙන ප්‍රශ්නයක්. සැලැස්මක් තියෙනකොට ඒක දිගටම ගෙනියන්න ඕනේ."















































