header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදෙස් කතකට පහර දී මුදල් කොල්ලකෑ ව්‍යාජ සංචාරක මඟපෙන්වන්නා මාට්ටු
විදෙස් කතකට පහර දී මුදල් කොල්ලකෑ ව්‍යාජ සංචාරක මඟපෙන්වන්නා මාට්ටු
Mobitel 1278

ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස පෙනී සිටිමින්, මෙරටට පැමිණි රුසියානු ජාතික සංචාරක කාන්තාවකට අඩන්තේට්ටම් කර, පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 05 වන දින සංචාරක වීසා මත දිවයිනට පැමිණ උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි 40 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් මෙලෙස පීඩාවට පත්ව තිබුණි. 

විමර්ශනවලදී අනාවරණය වී ඇති අන්දමට, සැකකරු තමා සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස හඳුන්වා දී, පසුගිය 12 වන දින රාත්‍රී 10.00ට පමණ රාත්‍රී ආහාර ගැනීම සඳහා යැයි පවසමින් ඇයව ත්‍රිරෝද රථයකින් ගාල්ල නගරය වෙත කැඳවාගෙන ගොස් තිබේ. 

එහිදී සැකකරු විසින් ඇයට ලිංගික බලපෑම් කිරීමට උත්සාහකර ඇති අතර, ඇය එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමත් සමඟ උරණ වූ සැකකරු ඇයගේ ජංගම දුරකථනය උදුරාගෙන රුපියල් 35,000ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර ඇත.

පසුව යළි ත්‍රිරෝද රථයෙන් හෝටලය වෙත පැමිණෙමින් සිටියදී, සැකකරු විසින් අදාළ විදේශීය කාන්තාවගේ මුහුණට සහ හිසට පහරදී ඇය සතුව තිබූ රුපියල් 20,000ක මුදල බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ. 

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියදුරු වහා මැදිහත්වී පහරදීම වළක්වා ඇයගේ ගමන් මල්ල බේරා ගැනීමට සහය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය ජාතික කාන්තාව පසුගිය 13වන දින උණවටුන සංචාරක පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර, ඇයගේ වීසා කාලය අවසන් වීම හේතුවෙන් ඇය මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇත.

සාක්ෂි ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව උණවටුන සංචාරක පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සඳහා ගාල්ල මූලස්ථාන පොලීසිය වෙත භාර දී තිබේ. 

කොල්ලකෑම, පහරදීම, ලිංගික හිරිහැර කිරීම සහ බලපත්‍ර නොමැතිව සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කිරීම යන බරපතළ චෝදනා යටතේ සැකකරු අද (19) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

උණවටුන සංචාරක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

ආනන්ද පාලිත රිමාන්ඩ්

ආනන්ද පාලිත රිමාන්ඩ්

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana