header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට ආරාධනාවක්
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට ආරාධනාවක්
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙසට , එරට අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබේ.

එම නිල ආරාධනය, බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා විසින් අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ව්‍යාපාරික, සංස්කෘතික සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සහ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ඇතුළු සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉහළ පැහැදීමකින් පසුවන බවත්, එම වැඩපිළිවෙළෙහි ආදර්ශය බංග්ලාදේශයටද වැදගත් වනු ඇති බවත් බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කර ගනිමින්, ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කර, දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසු බව එම නිවේදනයේ සඳහන් වේ.

අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම්ව ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී විශ්වාසය පළ කළ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නියුතු දේශීය සමාගම්වලට, බංග්ලාදේශයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ප්‍රවර්ධනයට දායක වීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

ආනන්ද පාලිත රිමාන්ඩ්

ආනන්ද පාලිත රිමාන්ඩ්

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana