
2025 වසරේ පළමු මාස 10ට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 10 තුළ කොළඹ වරායේ ප්රතිඅපනයනවල 10%ක වර්ධනයක් අත්කරගෙන ඇති බව වරාය අධිකාරිය පවසයි.
මෙම වර්ධනය ගණනය කර ඇත්තේ, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ හැසිරවූ කන්ටේනර් ප්‍රමාණය, මෙම වසරේ මුල් මාස 10හි දත්ත සමග සංසන්දනය කිරීමෙනි.
ඒ අනුව පසුගිය වසරේ මුල් මාස 10 තුළ කොළඹ වරාය හරහා ප්‍රතිඅපනයනය කර ඇති බහාලුම් ඒකක සංඛ්‍යාව 5,825,909කි.
මෙම වසරේ එම කාලසීමාව තුළ එය කන්ටේනර් ඒකක 580,454කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව මෙවර ප්‍රතිඅපනයනය කරන ලද සමස්ත කන්ටේනර් සංඛ්‍යාව 6,406,363ක් දක්වා වර්ධනය වී තිබේ.
එමෙන්ම 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී හැසිරවූ කන්ටේනර් ඒකක 620,830 සංසන්දනය කිරීමේදී, මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රතිඅපනයනය කරන ලද කන්ටේනර් සංඛ්‍යාව 680,125ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට වඩා කන්ටේනර් ඒකක 59,295ක වැඩිවීමක් වන අතර, ප්‍රතිශතයක් ලෙස 9.6%ක වර්ධනයකි.
කන්ටේනර් ප්රතිඅපනයනයේ අඛණ්ඩ වර්ධනය හේතුවෙන් ජාත්‍යන්තර 'ඇල්ෆාලයිනර්' ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2026 වසරේ පළමු භාගය තුළ ලොව කාර්යබහුලම වරාය අතරින් 20 වැනි ස්ථානය කොළඹ වරායට හිමිව තිබේ.
2025 වසර අවසානයේදී කොළඹ වරායට හිමිව තිබුණේ එහි 26 වැනි ස්ථානයයි.














































